
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ කාක්කයිතීව් - සාවර්කට්ටු ධීවර සමිතියේ ධීවර තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මේ සඳහා ධීවර අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 2.1ක මුදලක් වෙන් කර ඇති බව සඳහන්ය.
සාවර්කට්ටු ධීවරයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීමට අනුව විෂය භාර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු වෙතින් නිසි අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව මේ කටයුතු ආරම්භ කර ඇත.
මේ අනුව, තොටුපොළේ රැඳී ඇති පාසි ඉවත් කර පිරිසිදු කිරීම, පස් පුරවා තොටුපොළ සකස් කිරීම ඇතුළු කටයුතු සිදු කිරීමට නියමිතය.
ධීවරයින්ට කිසිදු බාධාවකින් තොරව සිය ධීවර කර්මාන්තයේ නිරත විය හැකි වන පරිදි මෙම තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බව සඳහන්ය.
කාක්කයිතීව් - සාවර්කට්ටු ධීවර සමිතියේ ධීවර තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) නිල වශයෙන් ආරම්භ කරන ලදී.



















































