
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
අද (10) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත් දෙකෙහි දෙවනවර කියවීමේ විවාදය එදිනට පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



















































