
උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා මේ සම්බන්යෙන් අදහස් පල කරන්නට විය.
ඒ අනුව අද දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානම් මට්ටමක පවතින බැවින් ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස ඔහු පවසයි.
උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට අමතරව යාපනය, මුලතිව්, වවුනියා, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා මෙම උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
මේ අතර, දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය සමනය වීම සඳහා ලබන ඔක්තෝබර් මාසයේදී ලැබෙන අන්තර් මෝසම් වැසි තෙක් බලා සිටීමට සිදුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිතදිග මෝසම් කාලගුණය දුර්වල වීම හේතුවෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වුවත්, එමගින් පවතින දැඩි වියළි තත්ත්වය හෝ නියඟය සමනය වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවද සඳහන් වෙයි.



















































