
දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7 ක් ලෙස පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (09) දින දහවල් කාලයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.
එහි දැක්වෙන පරිදි සෙල්සියස් අංශක 35.0 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තා වූ තවත් ප්‍රදේශ 7ක් දැක්වේ.
එළෙස වාර්තා වී ඇත්තේ මුලතිව්,වව්නියා, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මහඉලුප්පල්ලම, මොනරාගල සහ මත්තල යන ප්‍රදේශයන් වලිනි.

















































