
රාජ්‍ය අංශය තුළ අභ්‍යන්තර විගණණ ඒකකවල කාර්යභාරය සහ ධාරිතාවය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ආවරණය වන ප්‍රධාන අභ්‍යන්තර විගණකවරුන් සහ අභ්‍යන්තර විගණකවරුන් සඳහා පළමු වැඩසටහන පසුගිය අගෝස්තු 05 වැනිදා පැවැත්විණි.
මෙහි දෙවන වැඩසටහන අද (08) දින මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර විශේෂ වියදම් ඒකක, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ රජයේ ව්‍යාපෘති ආවරණය වන ප්‍රධාන අභ්‍යන්තර විගණකවරුන්, අභ්‍යන්තර විගණකවරුන් සහ පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂකවරුන් සඳහා මෙය පැවැත්විණි.
මෙම වැඩසටහන තුළින් මූල්‍ය පාලනය සහ විනය ශක්තිමත් කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අභ්‍යන්තර විගණනයේ කාර්යභාරය වැඩි දියුණු කිරීම සහ විද්‍යුත් ප්‍රසම්පාදනයේ වැදගත්කම සහ අදාළ විගණන පාලනයන් ඉස්මතු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම වැඩසටහන් මාලාව මගින් අභ්‍යන්තර විගණන ඒකකවල කාර්යමණ්ඩල ධාරිතාව ශක්තිමත් කිරීම, අභ්‍යන්තර විගණකවරුන් අතර දැනුම හුවමාරුව හා සම්බන්ධීකරණ ප්‍රවර්ධනය කිරීම මෙන්ම රාජ්‍ය අංශ පුරා වඩාත් ශක්තිමත් හා ඵලදායී අභ්‍යන්තර විගණන කාර්යභාරයක් ඇති කිරීමට දායක වීම කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අරමුණ වේ.

















































