
කිරිඳිවැල ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ.
පසුගිය 2018.09.09 වන දින මෙම අපරාධය සිදුව ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අපරාධය සම්බන්ධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ වරදට අවශ්‍ය කර සිටි සැකකාරිය වන ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳව ඊයේ (07) දහවල් කිරිඳිවැල, නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අවුරුදු 49ක් වන නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

















































