
තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රතිචාර දක්වා තිබේ.
අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී තිබේ.
මෙම ඉල්ලීම අනුව නාමල් රාජපක්ෂ මහතා හෙට (08) දින බොහෝ දුරට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව හෙට සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය සැප්තැම්බර් 4 වැනිදා නියෝග කළේය.

















































