
කොටදෙනියාව, දොරොව්ව ප්‍රදේශයේදි බස් රථයක් හා යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු දඹදෙනිය රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී තුවාලකරුවන්ගේ ගමන් මළු තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී ඇත.
ඒ අනුව අදාළ සැකකරුවන් පොලිස් ආරක්ෂාව යටතේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.
ඔවුන් අවුරුදු 21 සහ 25 වයස්වල පසුවන ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවද සඳහන්.
කොටදෙනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































