header logo
Vallibel FD
උණුසුම් පුවත්
කොළඹ වරායේ ඩිජිටල් සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 15ක්
කොළඹ වරායේ ඩිජිටල් සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 15ක්
Mobitel 1278

කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු රජයෙන් ලබාදීමට නියමිත ඩොලර් මිලියන 15ක මූල්‍ය සහාය සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ සභාපති ලෝරා ඩිබෙල්ලා මහත්මිය පවසයි.

ඒ සඳහා ඉදිරි සති කිහිපය තුළ කොංග්‍රස් අනුමැතිය ලැබුණු වහාම මූල්‍ය සහාය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඇය සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලෝරා ඩිබෙල්ලා මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස සහ බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී කරුණු අනාවරණය වී ඇත.

අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම සාකච්ඡාවට ෆෙඩරල් නාවික කොමිසමේ කොමසාරිස් රොබට් හාවි මහතා සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා වරාය මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නෞකා වරාය තුළ රැඳී සිටින කාලය අවම කිරීම අපේක්ෂා කරන බව ද අමෙරිකානු නියෝජිත පිරිස සඳහන් කර ඇත.

කොළඹ වරාය ශ්‍රී ලංකාවට පමණක් නොව අමෙරිකා එක්සත් ජනපදය හා සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද වැදගත් කේන්ද්‍රස්ථානයක් බැවින්, එහි සංවර්ධනය සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදීමට සූදානම් බව ද නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කර ඇත්තේ කොළඹ වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ඩිජිටල්කරණය වේගවත් කිරීම සහ ඉදිරි වරාය සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා Merchant Shipping Secretariat ආයතනය වඩාත් බලවත් අධිකාරියක් බවට පත්කිරීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අතර, කොළඹ වරායේ දෙවන බටහිර පර්යන්තය (WCT-2) සංවර්ධනය කිරීම සඳහා දියකඩන පද්ධතිය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා මූල්‍ය ආයතනවල සහාය ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ෆෙඩරල් නාවික කොමිසමේ සභාපති ලෝරා ඩිබෙල්ලා මහත්මිය සැප්තැම්බර් 09 සිට 11 දක්වා පැවැත්වෙන 08 වැනි කොළඹ ජාත්‍යන්තර නාවික හා ලොජිස්ටික් සමුළුව ඇමතීමට නියමිත අතර, කොමසාරිස් රොබට් හාවි මහතා සාකච්ඡා මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඊට සහභාගී වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana