
අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයක් ලෙස 22 වන සංශෝධන ගෙන ආ බව එක්ත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා පැවසීය.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් මේ බව සඳහන් කළේය.
මෙරට මානව හිමිකම් තත්ත්වය සමබර සහ ඵලදායී ආකාරයකින් තක්සේරු කරන ලෙස ශ්‍රී ලංකාව මෙහි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටී.
එමෙන්ම සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා එහි අඛණ්ඩ උත්සාහයන් සඳහා ජාත්‍යන්තර සහයෝගය ද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ඉල්ලා සිටියේය.

















































