header logo
Vallibel FD
උණුසුම් පුවත්
නිල්දිය පොකුණ රැක ගැනීම වෙනුවෙන් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයකට අත්සන් තැබෙයි
නිල්දිය පොකුණ රැක ගැනීම වෙනුවෙන් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයකට අත්සන් තැබෙයි
Mobitel 1278

නිල්දිය පොකුණ රැක ගැනීම වෙනුවෙන් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයකට අත්සන් තැබීම අද (07) සිදුවිය.

පරිසර අමාත්‍යාංශයේ දී මෙම ගැසට් පත්‍රය සඳහා අත්සන් තැබුණු අතර ඒ පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙනි.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2වන වගන්තියේ උප වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කර ඇති රාවණා ඇල්ල අභය භූමිය ඇතුළත පිහිටා ඇති නිල්දිය පොකුණ නැරඹීමට පැමිණෙන තැනැත්තන් වෙත සේවා සපයනු ලබන සේවා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විධි විධාන කිහිපයක් මෙම ගැසට් පත්‍රයේ ඇතුළත් කර තිබේ.

පරිසර සංවේදී කලාපයක් වන රාණා ඇල්ල අභය භූමිය ඇතුළත පිහිටා ඇති නිල්දිය පොකුණ නැරඹීමට දිනපතා සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන අතර පරිසරය සුරක්ෂිත කිරීමේ රෙගුලාසි මෙන්ම ගුණාත්මක සංචාරක ආකර්ෂණයක් සඳහා වන රෙගුලාසි රැසක්ද මෙහි අන්තර්ගත වේ.

නිල්දිය පොකුණ නැරඹීමේ කාර්යය සඳහා රාවණා ඇල්ල අභය භූමියට ඇතුළුවන සෑම තැනැත්තකුම අදාළ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සහතික කිරීමේ අරමුණින් යුතුව මෙම නියෝගවල සඳහන් විධිවිධානවලට හා ආඥාපනතේ විධි විධානවලට මෙන්ම ඒ යටතේ සාදනු ලබන වෙනත් නියෝගවලට අනුකූලව ක්‍රියා කරනු ලැබිය යුතු අතර ආඥාපනතේ 68 ආ වගන්තිය යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සකස් කරනු ලබන මාර්ගෝපදේශවල නිශ්චිතව මේ දක්වා අවශ්‍ය ආරක්ෂිත පියවරද ගනු ලැබිය යුතු වේ.

මෙම පියවර යටතේ වයස අවුරුදු 10ට වඩා අඩු තැනැත්තෙකුට ගුහාවට ඇතුළුවීමට ඉඩ ලබා දී නැති අතර වයස අවුරුදු 10ට වැඩි සහ 18ට අඩු යම් තැනැත්තෙකු භාරකරුවෙකු ද සමග යන්නේ නම් එවැනි තැනැත්තෙකුට ගුහාව ඇතුළු වීම සඳහා අවසර ලබා දී තිබේ.

එමෙන්ම පාසල් නිල ඇඳුමක් ඇඳ සිටින හෝ අදාළ අධ්‍යාපන ආයතනයක් විසින් නිකුත් කරන ලද ශිෂ්‍ය හැඳුනුම්පතක් සන්තකයේ ඇති හෝ අදාළ අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා විසින් නිකුත් කරන ලද අවසර ලිපියක් දරන යම් ශිෂ්‍යයෙකු මේ නියෝගවල කාර්ය සඳහා ශිෂයෙකු සලකනු අතර අවසර ලත් මාර්ග පමණක් ඒ සඳහා භාවිත කළ යුතුය.

විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයට අනුව ගුහාව ඇතුළතදි නිල්දිය පොකුණේ ජලයට බැසීම සහ එහි ජලයට කැළි කසල දැමීම, පවිත්‍රකාරක දැමීම හෝ යම් ද්‍රව්‍යක් හෝ ද්‍රාවණයක් එකතු කිරීම, ඝෝෂා කිරීම, සංගීත උපකරණ වාදනය කිරීම හෝ ශබ්දය උපදවන උපාංග භාවිත කිරීම, ගිනි දැල්වීම හෝ ගිනි මෙළවීම, දුම් පානය කිරීම හෝ මධ්‍යසාර හෝ වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම, ගල් චලනය කිරීම හෝ ගල්වල පිහිටීම වෙනස් කිරීම මෙන්ම ගල්මත සටහන් කිරීම, සලකුණු තැබීම ආදිය සම්පූර්ණයෙන් තහනම් වන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට