header logo
Vallibel FD
උණුසුම් පුවත්
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරයේ සමාරම්භය හෙට
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරයේ සමාරම්භය හෙට
Mobitel 1278

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු - නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරයේ සමාරම්භය හෙට (07) ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයෙට් ඩිලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව සමුළුවේ වත්මන් සභාපති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මෙරට නියෝජිත කණ්ඩායම සමුළුවට සහභාගී විම සඳහා අද (06) දිවයිනෙන් පිටත්ව යාමටද නියමිතය.

මෙම සැසිවාරය හෙට දින සිට එළැඹෙන 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතාගේ සභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

දකුණු නැගෙනහිර ආසියානු කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම සැසිවාරය පැවැත්වේ.

මේ සඳහා දිවයිනෙන් පිටත්ව යන නියෝජිතයින් අතරට මෙරට නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කටයුතු කරන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය එස්. ශ්‍රීධරන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ්, ජාන විද්‍යාව හා ජෛව වෛද්‍ය තොරතුරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වජිර එච්. ඩබ්ලිව්. දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ  අධ්‍යක්ෂ (සැලසුම්) වෛද්‍ය ජානකි විදානපතිරණ යන මහත්ම මහත්මීන් මෙම නියෝජිත කණ්ඩායමට ඇතුළත් ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම සැසිවාරය විශේෂ වැදගත්කමක් උසුලන අතර පසුගිය 2025 වසරේ කොළඹදී පැවැති 78 වන කලාපීය කමිටු සැසිවාරයේදී සභාපති ධුරයට පත් වූ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නව සභාපතිවරයා තෝරා පත් කර ගන්නා තෙක් එම ධුරයේ කටයුතු කරන බවය.

ඒ අනුව හෙට දිනෙන් ආරම්භ වන මෙම සැසිවාරයේදී නව කාර්ය මණ්ඩල නිලධාරීන් තෝරා පත් කර ගැනීම ඇතුළු පාලන කටයුතු සිදු කිරීමටද නියමිතය.

මෙවර කලාපීය කමිටු සැසිවාරයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම වෙනුවෙන් සෞඛ්‍ය මානව සම්පත් ශක්තිමත් කිරීම කෙරෙහි වන අතර, ඒ අනුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සහ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිතය.

විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම, සෞඛ්‍ය මානව සම්පත් සංවර්ධනය, විශ්වීය සෞඛ්‍ය ආවරණය ශක්තිමත් කිරීම, සෞඛ්‍ය පද්ධති ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය භාවිතය, සෞඛ්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම, බහු රෝග තුරන් කිරීම සහ ක්ෂය රෝගය තුරන් කිරීම ඇතුළු කරුණු කෙරෙහි විශේෂ අවධානය මෙම සමුළුවේදී යොමු කිරීමටද නියමිතව ඇත.

එමෙන්ම, විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සම්බන්ධයෙන් ඩිලි ප්‍රකාශනය සම්මත කර ගැනීම සඳහා ද මෙවර සැසිවාරයේදී අවධානය යොමු කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට