header logo
Vallibel FD
උණුසුම් පුවත්
වියළි කාලගුණයෙන් රටපුරා වගා අක්කර 8500ක් විනාශයි
වියළි කාලගුණයෙන් රටපුරා  වගා අක්කර 8500ක් විනාශයි
Mobitel 1278

රටට බලපා ඇති එල් නිනෝ තත්ත්වය හේතුවෙන් අක්කර 8000 – 8500 අතර ප්‍රමාණයක් වගා හානි සිදුව තිබේ.

ඒ හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත් ගොවීන් සඳහා අද දින රක්ෂණ වන්දි මුදල් අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සලසා ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්කයන්හී සියලුම ගොවීන් හට එළැඹෙන 15 වැනි දිනට පෙර වගා හානි වන්දි ගෙවීමට කටයුතු යොදා තිබේ.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල වී, බඩ ඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන්ට හානි සිදුව තිබේ.

එම සිදුවූ වගා හානි පිළිබඳව ගොවීන් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් විසින් කඩිනමින් වගා බිම් වෙත ගොස් වගා හානි පරීක්ෂා කිරීම සිදුකර හානි සිදුවූ වගා බිම් ප්‍රමාණය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම්වලට නිදහස් කිරීමට තීරණය වී තිබුණි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක පමණ ප්‍රමාණයක් රජය විසින් මේ වන විටත් වෙන් කර ඇති බවය.

මෙහිදී හානියට පත් වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්ථාපල්, සොයා සහ මිරිස් යන භෝග 06ක් සඳහා හෙක්ටයාරයක් සඳහාරුපියල් ලක්ෂයක මුදලක් ලෙස උපරිම අක්කර 05ක් සඳහා වන්දි මුදල් ලබා දීම සිදු කරන බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එල් නිනෝ බලපෑමෙන් ඇති වූ දැඩි වියළි කාලගුණය පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් එල්ල කර ඇත්තේ දැඩි බලපෑමකි.

අධික උණුසුම හමුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවයද අක්කර අඩි 66,000 දක්වා පහල ගොස් ඇත.

මේ සමඟ ජලයෙන් වැසී පැවති පරාක්‍රමබාහු රජතුමා විසින් සිය ග්‍රීස්ම සෘතුව ගෙවා දැමීම සඳහා පරාක්‍රම සමූද්‍රය තුළ ඉදිකළ ඓතිහාසික සීත මාලිගාවේ නටඹුන් මේ වනවිට දක්නට ලැබෙන අතර ඒ අසල පිහිටි කුඩා දුපත්ද මේ දිනවල දර්ශනය වේ.

එමෙන්ම පරාක්‍රම සමුද්‍රයේ එකේ ඇළ සොරොව්ව ආශ්‍රිත ප්‍රදේශයේ මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති අතර ප්‍රදේශය පුරා දුර්ගන්ධයක් වහනය වන බවට ද වාර්තා වේ.

කෙසේවෙතත් ඇළේ ජල මට්ටම පහළ යාමත් සමඟ ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම මෙම තත්ත්වයට හේතුවන්නට ඇතැයි සැක කෙරේ.

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 120 ග්‍රාමසේවා වසමේ කඳුරුගස් වැව ගම්මානයේ ජනතාවද පානීය ජලය සපුරා ගැනීමට නොහැකිව පත්ව සිටින්නේ දැඩි පීඩාවටය.

එමෙන්ම මැදිරිගිරිය මයිලගස් හංදිය හා රඹවැව ගම්වාසීන්ද ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින අතර ඔවුන් වගා කළ බෝග වගාවන්ද විනාශ වී තිබේ.

තණ බිම් හා ජල මූලාශ්‍ර සිඳී යාම නිසා එම ප්‍රදේශයේ කිරි ගවයින් ඇතුළු සතුන්ද පීඩාවට පත්ව සිටී.

මේ අතර තිරප්පනේ , මාවතවැව, පඬිකෙටූවැව, පුලියන්කුලම සහ කුට්ටිකුලම යන ප්‍රදේශවල ජල හිඟය හමුවේත් දැඩි වෙහෙසක් දරා රැකගන්නා ලද ගොඩ බෝග වගාවන්ට රාත්‍රී කාලයේ පැමිණෙන වනඅලි දැඩි හානි සිදුකරන බව ගොවීන් මැසිවිලි නඟයි.

එමෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයටත් බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් දැඩිවෙමින් පවතිද්දී බුත්තල යුදගනාව වැවේ ජලයත් සිඳී ගොස් තිබෙන්නේ වැවේ මැද පිහිටි භූමියද ඉරිතලමිනි.

අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් හි පිහිටා ඇති කෝර වැවෙත් ජලය සිඳෙමින් ඇති අතර ඉතිරිව ඇති ජලය සොයා පැමිණෙන සංචාරක පක්ෂීන් මේ දිනවල එහිදී දැකගත හැකියි.

එමෙන්ම වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටින බදුල්ල සිරිමල් ගම්මානයේ හා කලන් වත්තේ ජනතාවට ජල බවුසර් මගින් පානීය ජලය බෙදාදීම සිදුකරයි.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්