
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුවන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක අද (04) රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මක වූ ජල කප්පාදුව අද (04) රාත්‍රී 11.30 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම් අත්හිටුවීම බලපානු ඇත.
මීට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.
ජල සැපයුම අත්හිටුවීමේ කාලසීමාව දීර්ඝ වීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළකරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අදාළ කාලය තුළ ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

















































