
අහුන්ගල්ල, ඇලතොට හන්දිය මාර්ග බාධකයේදී අයිස්, හෙරොයින් හා කුෂ් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අහුන්ගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු යතුරුපැදියක් නතර කර පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 194ක්, හෙරොයින් ග්‍රෑම් 217ක් සහ කුෂ් ග්‍රෑම් 101 මිලිග්‍රෑම් 270ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඔහුගේ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවය.
අහුන්ගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































