
කොළඹ වරායේ කන්ටේනර්යක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගය අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
අදාළ බහාලුම තුළ ඇති තුවා තුළ සඟවා පාකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධව විමර්ශන පැවැත්වෙන බවද පොලීසිය පැවසීය.

















































