
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අද (31) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සෙනානි දයාරත්න මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
කෙසේවෙතත් අභියාචනාධිකරණය සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරන බවය.

















































