
යාපනය, උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ සංවර්ධන නිලධාරිනියක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ඵලදායිතා පරීක්ෂණ කණ්ඩායමක් පැමිණීම හේතුවෙන් කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ලැබුණු වට්ස්ඇප් පණිවිඩයකට අනුව ඊයේ (30) පස්වරුවේ සේවයට වාර්තා කළ නිලධාරිනියට මෙලෙස විදුලි සැර වැදී ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිශාන්තන් සින්දුප්‍රියා නැමැති 37 හැවිරිදි කාන්තාවකි.
ඇය කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඔසු උයනට ජලය සපයමින් සිට ඇති අතර එහිදී සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවට පොලීසිය සැලපල කරයි.
අනතුරෙන් පසු ඇය වහාම තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

















































