
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර අහිමි වී තිබේ.
මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්හි 6වන ස්ථානයේ රැඳී සිටින චොප්රා, ඩයමන්ඩ් ලීග් අදියර කිහිපයකම ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමට සමත්විය.
මෙවර ඩයමන්ඩ් ලීග් අවසන් අදියර සැප්තැම්බර් 4 සහ 5 දෙදින බෙල්ජියමේ බ්‍රසල්ස්හිදී පැවැත්වීමට නියමිතව ඇත.
ඉන්දීය මාධ්‍ය තහවුරු කර සිටියේ පුහුණුවීම් අතරතුර චොප්රා විලුඹ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස තරගාවලියෙන් ඉවත්වන බවය.
ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන චොප්රා, ඩයමන්ඩ් ලීග් ලුසෑන් අදියරේ දී මෙම වසරේ ඔහුගේ හොඳම දක්ෂතාව (Season’s Best) දක්වමින් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කළේය.
කෙසේ නමුත් මෙම ආබාධය හේතුවෙන් ඔහුට එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙලද අහිමිවන බව වාර්තා වේ.

















































