
නේපාලයේ හදිසියේ ඇති වූ දරුණු ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පස් සහ ගොඩනැගිලි සුන්බුන් යට දින දෙකක් තිස්සේ සිරවී සිටි මනීෂා නමැති 5 හැවිරිදි කුඩා දැරියක් පණපිටින් බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.
රසූවා (Rasuwa) දිස්ත්‍රික්කයේ සිදුකළ සෙවුම් මෙහෙයුමකදී මුලින්ම සුන්බුන් යටින් ඇසී ඇත්තේ පූසෙකු කෑගසන හඬක් වැනි ශබ්දයකි.
එම හඬ ඔස්සේ පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් පැය දෙකක පමණ දැඩි වෙහෙසකින් පසු සුන්බුන් අස්සේ සිරවී සිටි මෙම දැරිය සොයාගෙන ඇත.
බේරා ගන්නා අවස්ථාවේදී ඉතා දුර්ලභ තත්ත්වයේ පසුවූ දැරිය කත්මණ්ඩු නුවර රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඇය නැවත සිය දෙමාපියන් වෙත භාරදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ වන විට ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

















































