header logo
SLIC
උණුසුම් පුවත්
ලෙඩ ගොඩක් නිසා රවීට ඇප ලැබුණ හැටි
2h ago
ලෙඩ ගොඩක් නිසා රවීට ඇප ලැබුණ හැටි
Mobitel 1278

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කළේය.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයේ නොයොදවා සිය පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එවක ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරිය ලෙස කටයුතු කළ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය එම චෝදනාවට අදාළව ඉකුත් ජුනි මස 30 වනදා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් ඇපමත මුදාහරිනු ලැබීය.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද අවස්ථා 02කදී අල්ලස් කොමිසමට කැඳවා තිබුණද, ඔහු ඒ සඳහා නොපැමිණි අතර පසුගිය 29 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් රවී කරුණානායක මහතා සොයා බත්තරමුල්ලේ ඒ මහතාගේ නිවසට ගියද ඔහු එදින නිවසේ සිටියේ නැත.

චෝදනා එල්ලවී ඇති ජාතික ලොතරැයි මණ්ඩල හිටපු සභාපති ශ්‍යාමිලා පෙරේරා මහත්මිය එදින රවී කරුණානායක මහතාගේ නිවසට පැමිණෙන අයුරු ද දක්නට ලැබුණි.

මෙවන් පසුබිමක විමර්ශනයට අදාළව ප්‍රකාශය ලබාදීම සඳහා හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණ තිබුණි.

පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අල්ලස් කොමිසමේ නිලධාරීන් රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගත්තේය.

පසුව සැකකාර රවී කරුණානායක මහතා කොළඹ අංක 02 අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් විමර්ශන නිලධාරිනියක් කරුණු ඉදිරිපත් කළේය.,

" ස්වාමිනි, මෙම සැකකරු මුදල් අමාත්‍යවරයා ලෙස සිටියදී ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදලින් වැටුප් ගෙවීමේ පදනමින් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් යැයි සඳහන් කොට සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙක් සහ කළමනාකරණ සහකාරවරයෙක් බඳවාගැනීමක් සිදුව තිබෙනවා. පත්වීම් ලැබූ එක් අයෙක් එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලීනව ප්‍රාදේශීය දේශපාලනය කරලා, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අයෙක්. ඒ වගේම තවත් අයෙක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවය කළ තැනැත්තෙක්. ඔවුන්ට ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදලින් වැටුප් ගෙව්වාට එම ආයතනයට කිසිඳු සේවයක් ලබාගෙන නැහැ. ඔවුන් මේ සැකකරුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්ත කරලා දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යොදවා තිබෙනවා. මෙහිදී රජයට සිදුවී ඇති පාඩුව ලක්ෂ 37කට අධිකයි. එබැවින් දූෂණය නැමැති වරදට කුමන්ත්‍රණය කිරීම සහ අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගත්තා."

එසේම රවී කරුණානායක මන්ත්‍රීවරයා විමර්ශනයට සහාය නොදැක්වූ බවත් ඇය පැවසුවාය.

"ස්වාමිනි, මේ සැකකරුට විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදෙන්න අවස්ථා 04කදී කැඳවීම්කර තිබුණත්, ඔහු පෙනී සිටියේ නැහැ. දියණියගේ විවාහ මංගල්‍යය උත්සවයකට නුවරඑළියේ යන බව කීවත්, ඔහු සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක. දිගින් දිගටම මෙම සැකකරු අල්ලස් කොමිසම මඟහරිනවා. ඒ වගේම සැකකරු සොයන්න අපි 29 වනදා ඔහුගේ නිවසට ගිහින් ආපුවාම අනෙක් පසට පළමු සැකකාරියත් ඔහුගේ නිවසට යනවා. මොවුන් දෙදෙනාම එකතුවෙලා සාක්ෂිකරුවන්ට සහ විමර්ශනයට බලපෑම් කරමින් ඉන්නවා. එබැවින් මේ සැකකරුට ඇප ලබා නොදී මොහු රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියා අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

අනතුරුව සැකකාර රවී කරුණානායක මහතා වෙනුවෙන් නීතිඥ අශෝක වීරසූරිය මහතා කරුණු ඉදිරිපත් කළේය.

" ස්වාමිනි මේ නඩුවේ ප්‍රධාන සැකකාරියට මේ වෙද්දිත් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා. අල්ලස් කොමිසමෙන් පළමුවෙන්ම කැඳවූ ජුනි 14 වෙනිදා ඔහු එහි පෙනී නොසිටියේ රජයේ මුදල් කාරක සභාවට සහභාගිවීම නිසා. ඉන් පසු අපි පැහැදිලිව ජුනි 27 වනදා අල්ලස් කොමිසමට ලිපියක් යොමු කළා දියණියගේ විවාහ මංගල්‍යය තිබෙනවා එබැවින් සැප්තැම්බර් 01 වනදාට පසු දිනයක් ලබාදෙන්න කියලා. එහෙම තියෙද්දියි මොවුන් 29 වෙනිදා දින දී තිබුණේ. පසුගිය 29 වනදා මොහුගේ දෙවන දියණියගේ Homecoming එක පැවැත්වුණා. පළමුවෙන් නුවරඑළියේ එම සාදය පැවැත්වීමට නියමිතව තිබුණත්, පසුව දේශගුණික හේතු නිසා එය හම්බන්තොට හෝටලයක පැවැත්වුණා. "

" ස්වාමිනි මගේ සේවාදායකයාගේ සෞඛ්‍යය තත්ත්වය ගැන විශේෂයෙන් සඳහන් කරනවානම් මේ වෙද්දිත් මොහුගේ හෘදයට Stent 05ක් දමා තිබෙනවා. තවත් Stent එකක් දැමීමේ 70%ක - 99%ක ප්‍රවණතාවයක් තිබෙනවා.  ඒ වගේම මොහු 2014 වසරේ සිට Sleep Apnea රෝගී තත්ත්වයෙන් පීඩා විදිනවා. ඊට අදාළ උපකරණය නොමැතිව නිදාගත්තොත් රාත්‍රියේදී මොහුට හෘදයාබාධයක් හෝ පෙණහලු ආශ්‍රිත ආබාධයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මොහුට Cellulitis කියන දුර්ලභ මාරාන්තික බැක්ටීරියා ආසාදනය තිබෙනවා. එබැවින් මොහු පරිසර ආසාදනයන්ට ගොදුරුවිය හැකි ස්ථානවල රැඳී සිටීමත් සුදුසු නැහැ. ඒ වගේම මොහුට පාලනය කළ නොහැකි දියවැඩියා රෝගී තත්ත්වයක් තිබෙනවා. මොහුට තිබෙන මේ සියලුම රෝග පිළිබඳ සිංගප්පූරුව මවුන්ට් එළිසබෙත් රෝහලෙන් ඉදිරිපත් කළ වාර්තාවක් මා අධිකරණයට ඉදිරිපත් කරනවා. "

එමෙන්ම මෙහිදි නීතිඥවරයා රවී කරුණානායක මහතා රෝගාබාධ සඳහා දිනපතා ලබාගන්නා බෙහෙත් යැයි පවසමින් විශාල ප්‍රමාණයේ වෛද්‍ය වට්ටෝරුවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉන් නීතිඥවරයා ඉල්ලා සිටියේ ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසය.

ඒ අනුව දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා සැකකාර රවී කරුණානායක රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළේය.

ඒ විදේශ ගමන් තහනමක් ද පනවමිනි.

මෙම නඩුව නොවැම්බර් 03 වනදා යළි කැඳවීමට නියමිතය.
 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි