
ජා ඇල, පමුණුගම එපාමුල්ල මුහුදුදේ ගිලී අතුරුදන්ව සිටි 13 හැවිරිදි පිරිමි දරුවාගේ ද මළ සිරුර සොයාගෙන තිබේ.
ඊයේ (30) පස්වරුවේ අදාල මුහුදු තීරයේදී කාන්තාවක් ඇයගේ දියණිය සහ තවත් දරුවන් දෙදෙනෙකු රළ පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව තිබුණි.
මෙසේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළසිරුරු අද උදෑසන වන විට සොයාගෙන තිබු බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක කාන්තාවක් සහ අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි දරුවෙකුට.

















































