
කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහි තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 420ක් බව පොලීසිය සඳහන් කළේය.
ලද තොරතුරක් මත අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම වැටලීම සිදු කර ඇත.
ඒ අනුව බහාලුම් දෙකක් තුවා තුළ සඟවා පාකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇති බවට අනාවරණවී තිබේ.


















































