
හොරණ, නාරගල පාලම අසලින් කළු ගඟේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතුරින් එක් තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
අද (31) පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති අතර, මෙලෙස අතුරුදන් වී ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.
අතුරුදන් වූ තරුණයා සොයා විශේෂ සෙවීමේ මෙහෙයුමක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

















































