
පයාගල, නයිමුල්ල පඹය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වන විට නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
පොලීසිය පැවසුවේ මීට ටික වෙලාවකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් "කුඩු සලිඳු"ගේ පාර්ශවය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "පානදුරේ නිලංග"ගේ මස්සිනාවන "ඩිලා" නැමැත්තාට මෙලෙස වෙඩි තබා ඇති බව වාර්තා වේ.
"3eight" වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

















































