
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කන්ටේනරයක් තුළ සඟවා මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ් අතර පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කළේය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසිනි.
සැක සහිත කන්ටේනරය පරීක්ෂා කිරීමෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් සොයාගන්නා ලදී.


















































