
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, මෙරට ඛනිජ සම්පත ජාතික ආර්ථිකයේ වර්ධනයට සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් ලෙස උපයෝගී කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳමෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දේශීය නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජකයන් සඳහා සහන ලබා දීම මෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමුව ඇත.
විදේශීය සහ දේශීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර, කැණීම් සඳහා බලපත්‍ර ලබා ගැනීම ඇතුළු රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී ආයෝජකයින්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කළ බව සඳහන් වේ.
එසේම, පැවති ප්‍රතිපත්තියේ ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ආයෝජන කැඳවා ගැනීමේදී ඉතා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ අදාළ සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

















































