
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රවී කරුණානායක මහතා අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
මෙම විමර්ශනයට අදාළව මීට පෙර ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද, ඔහු එම අවස්ථාවේදී කොමිසම හමුවේ පෙනී සිට නොතිබිණි.
ඒ හේතුවෙන් පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් රවී කරුණානායක මහතාගේ නිවසටද ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී ඔහු නිවසේ සිට නොමැත.
තම දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ලබාදුන් දැනුම්දීමට අනුව අද දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

















































