
බදුල්ල බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකුගේ කන ප්‍රදේශය එම බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කපා දමා ඇතැයි වාර්තා වේ.
මේ වන විට එම තුවාල ලැබූ රැඳවියා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයිද ඔහුට ශල්‍යකර්මයක් සිදුකර මේ වන විට පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන් වේ.
අදාළ රැඳවියා හෙට (30) උදෑසන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.
ඉන් අනතුරුව අදාළ රැඳවියා රෝහලින් පිටත් කර යැවීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

















































