header logo
SLIC
උණුසුම් පුවත්
පෙරහැර නතර කිරීම් ගැන දේශපාලන වේදිකාවේ තවත් කතා එපා - ජනපති
2h ago
පෙරහැර නතර කිරීම් ගැන දේශපාලන වේදිකාවේ තවත් කතා එපා - ජනපති
Mobitel 1278

යළි කිසිදු දිනක මෙරට දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී මේ බව අවධාරණය කළේය.

රාජ්‍යත්වයත්, දළදා වහන්සේත් අතර ඇති අත්හැරිය නොහැකි බැඳීම සහ සංස්කෘතික උරුමය මෙහිදි සිහිපත් කළ ජනාධිපතිවරයා, කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවන බව පැවසීය.

"මෙම පෙරහැර මංගල්‍ය අත්හැරීම යනු අපේ මුළු ජාතියේම හෘදසාක්ෂිය, අධ්‍යාත්මය සහ ජාතියේ ජීවය මරා දැමීමයි.

පසුගිය සමයේ දේශපාලන වේදිකාවල පෙරහැර තහනමක් පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා. එවැනි ප්‍රකාශ කිරීම  මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද. එයින් පෙනෙන්නේ  අපේ ජාතියේම අධ්‍යාත්මය මරා දැමීමේ සහ සංස්කෘතියේ පාදම විනාශ කිරීමේ  බලයක් හොබවනවා කියන එකයි.

මෙම පෙරහැර මංගල්‍ය තහනම් කිරීමේ උත්සාහයක් දරනවා කියන ප්‍රකාශයම මොනතරම් විනාශකාරීද. එය කිසිසේත්ම දේශපාලන වේදිකාවක සාකච්ඡාවකට හෝ තර්කයකට හෝ ගත යුතු කරුණක් නොවේ.

ඒ නිසා කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට හෝ ගැටුම් විදාහ දැක්වීමට කිසිසේත්ම මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම සාධාරණ නැහැ.

නැවත කිසි දිනකවත් අපේ රටේ දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතුයි.

අපේ ජාතියේ අධ්‍යාත්මය මරා දමන බව, ඓතිහාසික සංස්කෘතික උරුමය, ප්‍රෞඪත්වය සහ ආත්මය විනාශ කරන බව ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතුයි" යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලවල වාර්ෂික ඇසළ මහා පෙරහැර චිරාගත සම්ප්‍රදායානුකූලව පරිපූර්ණ සහ උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඊයේ (28) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ජනාධිපති මන්දිරය වෙත පෙරහැරින් පැමිණි දියවඩන නිලමේ ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, පෙරහැරට සහභාගි වූ කලා ශිල්පීන් වෙත තිළිණ සහ සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ඇසළ පෙරහැර භාරය මගින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරුණු අතර, මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත 'පූජනීය දළදා සංස්කෘතිය' ග්‍රන්ථයේ පළමු පිටපතද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනීමට අවවාද අනුශාසනා ලබා දුන් මල්වතු - අස්ගිරි මහ නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයටත්, පෙරහැර කටයුතු වෙනුවෙන් කැපවූ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන්ටත්, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන් ප්‍රමුඛ ඊට දායකත්වය දැක්වූ සියලු දෙනාටත්  මෙහිදී ස්තූතිය පළ කළේය.

අප අපේක්ෂා කරන ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැගීමේදී දළදා පෙරහැර ප්‍රමුඛ කරගත් රට පුරා පැවැත්වෙන පෙරහැර මංගල්‍යය ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එසේම පාරම්පරික කලා සංගම් රැක ගන්නා අතරම, රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රබල සංස්කෘතික පිබිඳීමක් රටට අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතියක් ලෙස අප මුහුණ දී තිබෙන අහිතකර තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා නව සමාජ වටිනාකම් පද්ධතියක් සහිත ජාතික පුනරුද යුගයක් ආරම්භ කිරීමට එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කළේය.

අපේ සංස්කෘතික උරුමය, ප්‍රෞඪත්වය සහ මහපොළව සමග තිබෙන ඓන්ද්‍රීය සබඳතාව රැක ගැනීමට නම් නියත ලෙසම මත්ද්‍රව්‍ය රකුසාට එරෙහි සටන දියත් කළ යුතු බවත්, ධනය සහ බලය වටිනාකම් බවට පත් කරගත් වත්මන් සමාජය තුළ වටිනාකම්වලට නව අර්ථකථනයක් ලබා දිය යුතුව ඇති බවත්, එකිනෙකා කෙරෙහි ඇති  මානවවාදී බැඳීම, සංස්කෘතික උරුමය, ඉතිහාසය සමග තිබෙන අත්හැරිය නොහැකි බැඳීම, සහකම්පනය නව සමාජ වටිනාකම් බවට පත්විය යුතුව ඇති බවත් පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"මෙම අවස්ථාව ජාතියක් ලෙස අපිට ඉතා වැදගත් අවස්ථාවක්. අනුරාධපුර යුගයේ කිත්සිරි මෙවන් රජ දවස දන්ත ධාතුන් වහන්සේ වැඩම කළ දින සිට මෙම පෙරහැර මංගල්‍ය ඉතා ප්‍රෞඪත්වයෙන් යුතුව පවත්වා තිබෙනවා. මෙවරද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම පෙරහැර මංගල්‍යය සමග එක්ව තිබෙනවා.

අඛණ්ඩව ශත වර්ෂ ගණනාවක් මෙම දළදා මංගල්‍යය පවතින්නේ අපේ බෞද්ධ ජනතාවත්, ජාතියේ සංස්කෘතියත්, ප්‍රෞඪත්වයත් මේ තුළ ගැබ් වී තිබීම නිසයි. 
ඒ වගේම දළදා වහන්සේ අපේ රාජ්‍යයේ උරුමය බවට පත්ව තිබෙනවා. අපේ රට විවිධ නියංසායවලට, දුර්භික්ෂවලට මුහුණ දුන්නා. ඒ හැම අවස්ථාවකම දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමේ වගකීම අතීත රජවරු සහ මුතුන් මිත්තන් තම දෙවුරු මත තබා ගත්තා. ඒ නිසා රාජ්‍යත්වයත්, දළදා වහන්සේත් අතර අත්හැරිය නොහැකි බැඳීමක් ඇති ඉතිහාසයක් අපිට තිබෙනවා.

ඒ වගේම භද්‍ර යෞවනයේ තරුණයින් විශාල පිරිසක් මේ පෙරහැර මංගල්‍යය සමග එක්ව සිටිනවා. අපේ සමාජයේ යහපැවැත්ම රැක ගැනීමට හැකිවෙයිද කියා බියට සහ අභියෝගයකට අපි මුහුණ දී සිටිනවා. එහෙත් පෙරහැර මංගල්‍යය දෙස බලා සිටින විට අපිට දැනෙනවා ඒ ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන ඉදිරියට යාමට සමත් යෞවනයන් විශාල පිරිසක් රට තුළ සිටින බව.

මම හිතනවා අපේ අමාත්‍යාංශවල සහ සෑම ආයතනයකම සංස්කෘතික සමාජයක් ගොඩනැගිය යුතුයි. රටේ සෑම සංස්කෘතික අවස්ථාවකටම එම කණ්ඩායම් සහභාගී කරවිය යුතුයි. පාරම්පරික කලා සංගම් රැක ගන්න අතරම ඉන් ඔබ්බට ගොස් රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රබල සංස්කෘතික පිබිඳීමක් රටට අවශ්‍ය වෙනවා.

අද ගම්, නියම්ගම් කරා විසුරුණු මත්ද්‍රව්‍ය රකුසාට අපි ජාතියක් ලෙස බිලි වෙමින් තිබෙනවා. මෙය තව දශක දෙක තුනක් ඉදිරියට පැවතුණහොත් සියලු සමාජ සංස්ථා බිඳ වැටෙනවා. මේ රටේ සමාජ පාදම කඩා වැටෙන අභියෝගයකට අපි මුහුණ දෙමින් සිටිනවා. අපේ සංස්කෘතික උරුමය, ප්‍රෞඬත්වය සහ මහපොළව සමග තිබෙන ඓන්ද්‍රීය සබඳතාව රැක ගැනීමට නම් අපි නියත වශයෙන්ම මත්ද්‍රව්‍ය රකුසාට එරෙහි සටන දියත් කළ යුතුයි. 
මත්ද්‍රව්‍ය මර්ධනය පමණක් නොවෙයි අපේ තරුණ පරපුර නව ආශ්වාදජනක සමාජයකට ගෙන ආ යුතුයි. එහිදී මම හිතනවා දළදා පෙරහැර ප්‍රමුඛ කරගත් රට පුරා පැවැත්වෙන පෙරහැර මංගල්‍යය ඉතා වැදගත් වෙනවා.

දෙමාපියන්ට, අපේ සමාජයට නව වටිනාකම් හඳුන්වා දිය යුතුයි. අද වටිනාකම් මොනවාද ඇහුවොත් ධනය සහ බලය වටිනාකම් බවට පත්ව තිබෙනවා. ඒ නිසා වටිනාකම්වලට නව අර්ථකථනයක් ලබා දෙමින් අපේ වටිනාකම් අලුත් තැනක පිහිටුවිය යුතුව තිබෙනවා.

එකිනෙකා කෙරෙහි ඇති වන මානවවාදී බැඳීම, සංස්කෘතික උරුමය, ඉතිහාසය සමග තිබෙන අත්හැරිය නොහැකි බැඳීම, සහකම්පනය නව වටිනාකම් බවට පත්විය යුතුයි. එසේ නොවුණහොත් අපිට දියුණු රටක් ගොඩනගන්න බැහැ.

ඒ නිසා මේ පෙරහැර මංගල්‍යය හුදු අලංකරණය පමණක් නොව, වැදගත් හරයක් අපේ සමාජයට පිළිබිඹු කරනවා. අපි ජාතියක් ලෙස මුහුණ දෙමින් සිටින විනාශකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා නව සමාජ වටිනාකම් පද්ධතියක් සහිත ජාතික පුනරුද යුගයක් ආරම්භ කළ යුතුයි. එසේ නොවුණහොත් අපේ ඇස් ඉදිරිපිට සියල්ල විනාශ වන යුගයක් නිර්මාණය වෙනවා.

මිනිස් ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිඵලයක් ලෙස අද අපේ පරිසර පද්ධතිය විනාශ වෙමින් පවතිනවා. ස්වභාවික ව්‍යසනයන්ට අපිට ජාතියක් ලෙස ඔරොත්තු දිය හැකියි. හැබැයි ස්වභාවික ව්‍යසනයන් මාරාන්තික ව්‍යසනයක් බවට පත් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙනයි.

ඒ නිසා පරිසරය සහ මිනිසා අතර තිබෙන බැඳීම තහවුරු විය යුතුයි. අද මුළු සමාජයටම  ආපසු හැරී අපේ ගමන් මග පිළිබඳ මෙනෙහි කිරිමේ අවස්ථාවක් පැමිණ තිබෙනවා. අපි දෑස් බැඳගෙන අන්ධයින් මෙන් ගමන් කළ යුගය අවසන් කළ යුතුයි. අපි සියලු දෙනා අතීත ආවර්ජනයකට පැමිණ වෙනස් කරගත යුතු තැන් යුහුසුළුව වෙනස් කරමු. අතීතයේ සිදු වූ දේ විමසමින්, යහපත් දේ ආරක්ෂා කර ගනිමින් සහ කිසිදු පැකිළීමකින් තොරව අයහපත් දේ වෙනස් කිරීමට මැදිහත් වෙමු. එම කාර්යභාරය ඉටු කිරීමට එක්වන ලෙස සියලු දෙනාට මම ආරාධනා කරනවා".

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, ආරක්ෂක අංශ නියෝජිතයෝ ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ