header logo
SLIC
උණුසුම් පුවත්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
3h ago
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
Mobitel 1278

මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිරිකළ 'නවෝදයාපුරම්' නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවන්න කටයුතු කරන බවද පැවසීය.

කෙසේ නමුත් මධ්‍ය කඳුකරය පැවති තත්ත්වයට පත්වෙන්න දශන ගණනාවක් ගතවිය හැකි වුවත්, සිදුවන විනාශයන් නතර කිරීම සඳහා කෙසේ හෝ පියවර ගතයුතු බවත් සඳහන් කළේය.

මධ්‍යම කඳුකරය ශ්‍රී ලංකාවේ හඳවත බවත් පැවසූ ජනාධිපතිවරයා, එය ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙන පැවසීය. කඳු කඩා වැටීම්, උල්පත් සිඳීම්, ගංගා ඇළවේලී ගොඩවීම් දැක තිබෙන බවත් පැවසීය.

ඒ අනුව පනත සම්මත වූ පසු මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරියට සියලු බලය ලබාදෙනවා.

"අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මධ්‍ය කඳුකරය. අපේ වගකීම අපේ අනාගතයට මධ්‍ය පරිසරය සුරක්ෂිත කිරීම.

මේ වැඩපිළිවෙළේදී නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තිබෙන ප්‍රදේශ වනාන්තර වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න ඕන. නැතුවුණොත් විශාල ව්‍යසනයකට මුහුණදෙනවා.

ආයතනවල බලතල බෙදෙයි, පුටු එහෙට මෙහෙට වෙයි, තනතුරු නාම වෙනස්වෙයි....කවුරුවත් කලබල වෙන්න එපා".

මේ අතර මලෛයගම් ජනතාව අපේම සහෝදර ජනතාවක් ලෙස මෙරට තුළ වාසය කිරීමට පූර්ණ අයිතිය සහ ජිවිතය ලබාදෙන්න කටයුතු කරන බවත්, එහි පියවරක් ලෙස වතු සමාගම්වල ගිවිසුම් 2042 දී අවසන් වූ පසු නැවත අලුත් කිරීමේදී එම ජනතාවගේ අයිතාවාසිකම් සුරක්ෂිත වන ලෙස ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බවද පැවසීය.

"ඉඩම් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. වත්තේ වැඩ කළාට සමාගම් ලේසියෙන් ඉඩම් දෙන්න කැමති නෑ. නමුත් මෙම සමාගම්වල ගිවිසුම් 2042 වනවිට අවසන්වීමට නියමිතය.

දැනටමත් එම අමාත්‍යාංශය එම ගිවිසුම් පිළිබඳ පසුවිපරම් කිරීම සඳහා කමිටුවක් පත්කර විමර්ශනය කරනවා.

අපි ඉතා ඉක්මනින් ඒ ගිවිසුම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී ජනතාවගේ අයිතාවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වගන්ති සහිතව තමයි එළැඹෙන ගිවිසුම් අත්සන් කිරීමට අපි අවධානය යොමු කරන්නේ" යැයි පැවසීය.

මේ අතර යුද අවස්ථාවේ ලංකාව අතහැර ඉන්දියාවට ගිය ජනතාවට යළි ලංකාවට පැමිණීමට තිබූ බාධා ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇති බවද සඳහන් කළේය.

මලෛයගම් ජනතාව සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය,

"වර්තමාන රජයේ වගකීම සියලු ජන කණ්ඩායම්වලට අවශ්‍ය මූලික උවමනාවන් ඉටුකිරීම. ඒ සඳහා නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එළැඹෙන අයවැයෙන් නිවාස ගොඩනැගීම ප්‍රමුඛ ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

එම ජනතාවට හොඳ අදායම් මාර්ගයක් අවශ්‍යයි. එය සම්පූර්ණ කිරීමට බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දැනටමත් වැටුප් වැඩිකිරීම් සිදුකර තිබෙනවා. එය ප්‍රමාණවත් නොවුණත්, මූලික පියවර ගෙන තිබෙනවා.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගතකළ ජීවිතය තමන්ගේ දරුවන්ට උරුමකර දීම යුක්ති සහගත නෑ.

වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේ මිය යනවා. වත්තෙම පස්වෙනවා. ඒ ජිවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එම ජීවිතයෙන් එළියට ඒමට තිබෙන ප්‍රධානම කාරණය අධ්‍යාපනය.

ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පහසුකම් ලබාදෙනවා. අඩු බර දරු උපත් වැඩිපුර තිබෙන්නේ මේ මලෛයිගම් ජනතාව තුළ. අවුරුදු 5ට වඩා අඩු මන්දපෝෂණය තියෙන දරුවන් ඉන්නේ කොහෙද, ආයු කාලය අඩු ප්‍රජාවක් ඉන්නේ කෙහෙද....ඒ මේ ජනතාව අතර.

ඒ නිසා සියවස් දෙකකට වැඩි කාලයක් කොන් කරන ලද, ඇස් ඇර ඔවුන් දෙස නොබලන ලද පාලනයන් විසින් මෙම ජනතාව මෙම ව්‍යසනයට ලක්කර තිබෙනවා" යනුවෙන්ද පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්