
ගාල්ල - අම්බලන්වත්ත අනගාරික ධර්මපාල මාවතේදී යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් අනතුරට පත්වීමෙන් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ.
අද (27) පෙරවරුවේ අම්බලන්වත්ත දෙස සිට කරාපිටිය දෙසට ධාවනය කරන ලද ත්‍රිරෝද රථය හා කරාපිටිය දෙස සිට අම්බලන්වත්ත දෙසට ධාවනය වු යතුරුපැදියක් මෙලෙස අනතුරට පත්ව තිබේ.
ත්‍රිරෝද රථය පෙරළී ගොස් අසල විදුලි කණුවක ගැටීමෙන් එහි පිටුපස ගමන්ගත් කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇත.
යතුරුපැදියේ ගමන් කල පුද්ගලයා එම ස්ථානයේ ඇදවැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් සහ හීන්පැන්දල පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල රථවාහන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

















































