
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගෝනමැරියාව පන්සල අසල දී අද (27) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් දින 10ක බිලිඳෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පදවිශ්‍රීපුර ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ අනුරාධපුර දෙස සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට ධාවනට වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් පදවි ශ්‍රීපුර පදිංචි 49 මව හැවිරිදි කාන්තාවක්, ඇගේ දියණිය වූ 26 හැවිරිදි කන්තාවක් සහ දින 10ක කුඩා බිලිඳෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
31 හැවිරිදි රියදුරු බරපතළ තුවාල ලබා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද සඳහන්.
පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යමින් සිටියදී මෙම දරුණු අනතුරට මුහුණ පා ඇති බවය.
කැබ් රථයේ රියදුරු කැබිතිගොල්ලෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

















































