
නේපාලයේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වයෙන් අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයින් 291ක් සිටන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇත.
චීන සහ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ පිහිටි නේපාලයේ රසුවා ප්‍රදේශයට මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.
දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලාඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.
ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට විශ්වාස කරයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් බෝත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.
සිද්ධියෙන් ඇතිව තිබෙන හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

















































