
නේපාලයේ ටිබෙට් දේශ සීමාව ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ගංවතුර හේතුවෙන් නේපාල දේශ සීමාව ආශ්‍රිත කාලාපයේ පාලම්, මාර්ග සහ විදුලි රැහැන් පද්ධතිවලට දැඩි ලෙස හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නේපාල බලධාරීන් පවසන්නේ මියගිය සහ බරපතළ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවය.
දශකයකට පමණ පසු හිමාලය ආශ්‍රිත කලාපයට බලපෑ දරුණුතම ස්වාභාවික ව්‍යසනය මෙය වන අතර දේශගුණ විපර්යාස සහ සුළං ධාරාවේ සිදුවූ වෙනස ඊට හේතුවී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.

















































