header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නේපල ඛේදවාචකය වැනි සිදුවීම් මෙරට තුළත් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම්
Aug 27, 202601:05 PM
නේපල ඛේදවාචකය වැනි සිදුවීම්  මෙරට තුළත් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම්
Mobitel 1278

නේපාලයේ සිදු වූ ඛේදවාචකය මෙන් විපත් කුඩා පරිමාණයෙන් හෝ මෙරට තුළ ද ඕනෑම අවස්ථාවක සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අනතුරු අඟවා සිටී.

මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ නේපාලයේ සිදු වූ මෙම ඛේදවාචකය මෙරටට ද සෘජු පාඩමක් කියාදෙන බවය

මෙරට මෑතකදී ඇතිවූ 'දිට්ඨා' සුළි කුණාටුව අතරතුර සරසවිගම ප්‍රදේශයේ සිදුවූ නායයාම ඊට හොඳම උදාහරණ සපයන බවද මෙහිදී මහාචාර්යවරයා පැවසීය.

එම නායයාම නිසා ප්‍රදේශයේ ඇළ මාර්ගයක් හිරවී, එමගින් මුළු ගම්මානයම යට කරමින්  20කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

ගංගා සහ ඇළ දොළ ආසන්නයේ පිහිටි දිරාපත් වූ පාෂාණ සහ විශාල පස් තට්ටු නායයාමට ලක්වූ විට එම පස් තට්ටු මගින් ජල මාර්ග අවහිර විය හැකි අතර එලෙස එක්රැස් වන විශාල ජල කඳ එම අවහිරතා බිද දමා පහළට ගැලීමෙන් නොසිතූ මොහොතක දැවැන්ත ජලගැලීම් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ සාමාන්‍ය නායයාම් සිතියම්ගත කරනවා සේම, මෙලෙස ජල මාර්ග අවහිර වී ක්ෂණිකව ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් සහිත ප්‍රදේශ ද කඩිනමින් සිතියම්ගත කර පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම වැදගත් වන බවය.

එමගින් සරසවිගම සිවු වූ ඛේදවාචක වැනි සිදුවීම් ඉදිරියට වළක්වා ගැනීමට හැකිවනු ඇති බව ද ඒ මහතා පැවසීය.

නේපාල-ටිබෙට් දේශසීමාවේ ඊයේ (26) ඇති වූ භූමිකම්පාව සහ නායයාම නිසා ත්‍රිශූලි ගංගාව අවහිර වී සිදු වූ දැවැන්ත ජලගැලීම හේතුවෙන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් අතුරුදන්ව තිබේ.

එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,

"ඊයේ දිනයේ නේපාලයේ ටිබෙට් දේශසීමාවේ වාර්තා වුණ විශාල ජල ගැලීම කවුරුත් බලාපොරොත්තු වුණ වෙලාවක සිදු වුණ දෙයක් නෙවෙයි.  නේපාලයේ අයිස් කඳුවලින් වැසුණ කඳුකරයේ සිදුවුණ විශාල භූමිකම්පාවක් එක්ක අයිස් කඳු නායයාමක් නිසා විශාල ජල ගැලීමක් සිද්ධ වෙලා තියෙනවා ත්‍රිශූලි ගංගාවේ. කවුරුත් බලාපොරොත්තු නොවුණු වෙලාවක මේ සිදුවුණ සිදුවීම නිසා විශාල සෙනඟක් ගහගෙන ගිහිල්ලා තියෙනවා මේ ජල ගැලීමත් එක්ක. ඇත්තටම බලාපොරොත්තු නොවුණ හානියක්. ඇත්තටම මේ හා සමාන දේවල් අනිත් රටවලත් සිද්ධ වෙනවා. එක සැරයක් කොලොම්බියාවල 1980 ගණන්වල මෙවැනි වූ භූමිකම්පාවක් සමඟ මඩ ගැලීමක් සිද්ධ වෙලා මිනිස්සු දහස් ගණනක් මියගියා.

ඒ වගේම මේ ගොඩක් මෑතකදී ලංකාවේ දිට්වා සුළි කුණාටුවත් එක්ක සිදුවුණු නායයාම් එක්ක බලනකොට, එක නායයාමක් මං හොඳින් දැක්කා අර සරසවිගම වෙච්ච සිදුවීම. 20කට අධික ප්‍රමාණයක් නායයාමකට යට වෙලා මියගියා. ඒක ඇත්තටම සිදුවුණේ මෙවැනි වූ නායයාමක් නිසා ප්‍රදේශයේ තියෙන ඇළ මාර්ගයක් අවහිර වීමෙන් ඒ ඇළ මාර්ගය මිනිස්සු ජීවත් වෙන ගම්මානයක් උඩින් ගලාගෙන ගිය නිසා. ඒ වගේම ඒ මඩ විශාල වශයෙන් මේ ගෙවල් දොරවල් වසාගෙන ගලාගෙන ගිය නිසා තමයි එම විශාල අනතුර සිද්ධ වුණේ. ඇත්තටම එයත් කුඩා ප්‍රමාණයේ වුවත් මෙවැනිම වූ අනතුරක්. ඒ කියන්නේ මෙවැනි අනතුරුව ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉදිරියට බලාපොරොත්තු නොවන අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන් කියන එක.

විශේෂයෙන්ම විශාල පස් තට්ටු තියෙන, ඒ කියන්නේ හොඳින් දිරාපත් වෙච්ච පාෂාණවල විශාල පස් තට්ටු තියෙන ස්ථානවල නායයාම් සිද්ධ වුණොත්, ඒ ආසන්නයේ තියෙනවා නම් ගංගාවක්, ඇළක්, දොළක් සමහර වෙලාවට මෙවැනිම වූ අනතුරු සිද්ධ වෙන්න පුළුවන් ගංගාවල් බ්ලොක් වෙලා, ජලය එකතුවීමක් සිද්ධ වෙලා එකපාරටම මේ බ්ලොක් වෙච්ච එක කඩාගෙන යනකොට විශාල නායයාමක්, විශාල ජල ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ජල ගැලීමත් එක්ක විශාල අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේදී මෙවැනි වූ අනතුරු සිදුවෙන්න පුළුවන් ප්‍රදේශ සිතියම්ගත කිරීම්වලට ලක් කරගන්නවා නම් හොඳයි කියලා මං යෝජනා කරන්න කැමතියි. ඒ කියන්නේ ඉදිරියේදී නායයාම් සිතියම්ගත කරනවා වගේම මෙවැනි වූ සිදුවීම් වෙන්න පුළුවන් අනතුරු සහිත ප්‍රදේශත් සිතියම්ගත කිරීමක් කරලා ඒ ගැනත් අනතුරු ඇඟවීමක් කළොත්, සරසවිගම සිදුවුණ ඒ අනතුර වගේ අනතුරු ඉදිරියේදී වෙන එක වළක්වා ගන්න පුළුවන් වෙයි."

MostRead
Mobitel 1278
VideoStories
 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ