header logo
SLIC
උණුසුම් පුවත්
සොනාල්ගෙන් වාර්තාගත ශතකයක්
1h ago
සොනාල්ගෙන් වාර්තාගත ශතකයක්
Mobitel 1278

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේදී ද අගනා ශතකයක් රැස්කිරීමට සොනාල් දිනූෂ අද (27) සමත් විය.

පන්දු 196කදී හතරේ පහර 6ක් සමගින් ගොඩනැගූ මෙම විශිෂ්ට ඉනිම ද සමගින්, තරගයේ ඉනිම් දෙකෙහිදීම ශතක රැස්කළ පිතිකරුවන් අතරට එක්වීමට ඔහුට හැකි විය.

සොනාල් පළමු ඉනිමේදී පන්දු 162කට මුහුණදෙමින් ලකුණු 103ක් රැස්කිරීමට සමත්විය.

තමන් නියෝජනය කරන කණ්ඩායම පළමු ඉනිමේදී ප්‍රතිවාදීන්ට වඩා පිටුපසින් සිටි තරගයක ඉනිම් දෙකෙහිම ශතක රැස්කළ ලොව තෙවැනි පිතිකරුවා ලෙස සොනාල් මෙහිදී වාර්තා අතරට එක්විය.

මීට පෙර 1948 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාවේ විජේ හසාරේ ද, 2001 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව සිම්බාබ්වේ හි ඇන්ඩි ෆ්ලවර් ද මෙම දස්කම දක්වා තිබුණි.

ඒ අනුව සොනාල් මෙම වාර්තාව අලුත් කළේ වසර 25කට පසුව වීම විශේෂත්වයකි.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිම් දෙකෙහිම ශතක ලබාගත් 101 වැනි පිතිකරුවා ලෙසත්, එම දස්කම දැක්වූ 8 වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසත් වාර්තා අතරට එක්වීමට සොනාල්ට හැකිව තිබේ.

ලොව පළමු වරට 1909 වසරේදී ඔස්ට්‍රේලියාවේ වොරන් බාඩ්ස්ලි එංගලන්තයට එරෙහිව මෙම වාර්තාව තබා ඇත.

1982 වසරේදී ඉන්දියාවට එරෙහිව ඉනිම් දෙකේදී ශතක ලබමින් මෙම දස්කම දැක්වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට දුලීප් මෙන්ඩිස් පත්විය.

ඉන් අනතුරුව අසංක ගුරුසිංහ (1991), අරවින්ද ද සිල්වා (1997 - දෙවරක්), තිලකරත්න ඩිල්ෂාන් (2009), කුමාර් සංගක්කාර (2013, 2014) සහ 2024 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් මෙම දස්කම දක්වා තිබේ.

තවමත් ටෙස්ට් තරග 5කට (ඉනිම් 9) පමණක් ක්‍රීඩා කර ඇති සොනාල් දිනූෂ, මේ වනවිට ශතක 3ක් සහ අර්ධ ශතක 5ක් රැස්කරගනිමින් කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා