header logo
SLIC
උණුසුම් පුවත්
ග්‍රෙගරි වැව අසල පෝනියෙකුට පහරදුන් තරුණයෙකු අත්අඩංගුවට
1h ago
ග්‍රෙගරි වැව අසල පෝනියෙකුට පහරදුන් තරුණයෙකු අත්අඩංගුවට
Mobitel 1278

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව පෝනියෙකුට පහරදුන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් පෝනි සංචාර සඳහා යොදා ගන්නා පෝනියෙකුට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමඟ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

ඒ් අනුව, අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති 26 හැවිරිදි තරුණයා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නුවරඑළිය ස්ට්‍රාබැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු මෙම මස 28 වැනිදා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පවසන්නේ සංචාරක කර්මාන්තය සඳහා යොදා ගන්නා සතුන්ට කිසිදු ආකාරයක හිංසනයක් සිදු නොවන බවට බලධාරීන් සහතික විය යුතු බවයි.

විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් අතර ජනප්‍රිය පෝනි සංචාර වැනි ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයේ කොටසක් බව පෙන්වා දෙන ඔවුන්, සතුන්ට හිංසා කිරීමේ සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක  ප්‍රතිරූපයටද හානි සිදුවිය හැකි බව පෙන්වා දෙති.

මේ අතර, ග්‍රෙගරි වැව ආශ්‍රිතව නියමිත බලපත්‍ර යටතේ පෝනි සංචාර සේවාවන්හි නිරත පෝනි පදවන්නන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරති.

ඔවුන් පවසන්නේ තමන් නීත්‍යානුකූලව පෝනි සංචාර සේවාව පවත්වාගෙන යමින් සංචාරක කර්මාන්තයට දායක වන අතර, කිසියම් පුද්ගලයෙකු විසින් සතෙකුට හිංසාකාරී ලෙස පහරදීම හේතුවෙන් සියලුම පෝනි පදවන්නන් පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් ඇතිවීම අසාධාරණ බවයි.

එමෙන්ම, බලපත්‍ර සහිතව සේවයේ නිරත සියලු පෝනි පදවන්නන් සඳහා සතුන්ගේ සෞඛ්‍යය, ආහාර, විවේක කාලය සහ සේවා තත්ත්වයන් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රමිතියක් ක්‍රියාත්මක කරන ලෙසද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා