
පිළියන්දල - කොට්ටාව මාර්ගයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ.
ඉන් වෑන් රථයේ ගමන් ගත් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලිසිය සැක පළ කරයි.
වෑන් රථය විදුලි කණුවේ ගැටීමෙන් අනතුරුව එම ප්‍රදේශයට විදුලිය විසන්ධිවීමක් ද සිදුව ඇත.

















































