header logo
SLIC
උණුසුම් පුවත්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
52m ago
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
Mobitel 1278

රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මීට වසර 10කට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ කටයුතු විවිධ හේතුන් මත අතරමග නැවතී තිබු අතර, වත්මන් රජය යටතේ ව්‍යාපෘතිය යළි ආරම්භ කරමින් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කෙරිණි.

මතුව ඇති ගැටලු නිරාකරණය කර ගනිමින් එහි ඉදිකිරීම් කඩිනම් කර තිබීම විශේෂත්වයක් වන අතර සම්පූර්ණයෙන් දේශීය අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතිය  2029 වසරේ අගභාගයේදී අවසන් කිරීමට නියමිතය.

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය යා කරමින් තන්තිරිමලේ බෝගොඩදී මල්වතුඔය හරස් කර, ඉදිකෙරෙන පහළ මල්වතුඔය ජලාශය අක්කර අඩි 169,400ක ජල ධාරිතාවකින් සමන්විත අතර මෙය ඉදිකිරීමෙන් පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත් වේ.

අනුරාධපුර, වවුනියාව, මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දීම, මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය හා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම, තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, ජල විදුලි උත්පාදනය, ගංවතුර පාලනය සහ සංචාරක කර්මාන්තයේ හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙමගින් අපේක්ෂා කෙරේ.

එසේම, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ පවතින සහල් නැළිය ප්‍රදේශයේ මහ කන්නයේදී අක්කර 40,000ක් වගා කෙරුණද, යල කන්නයේදී ජල හිඟය නිසා ඉන් අක්කර 10,000ක් පමණක් වගා කෙරෙන අතර මෙම ජලාශය ඉදිවීමත් සමග යල මහ දෙකන්නයේම කුඹුරු අක්කර 40,000ම අස්වැද්දීමට හැකියාව ලැබේ.

මෙහිදී ව්‍යාපෘති නිලධාරීන් සමග සාකච්ඡාවක නිරතවූ ජනාධිපතිවරයා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු, අභියෝග සහ අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ අතර, අදාළ ඉදිකිරීම් කඩිනම් කර ජනතාවට ප්‍රතිලාභ සලසා දීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන ජනතාවගේ ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණු අතර එම පවුල් 315 සඳහා ඉඩමක් සහ විදුලිය, පානීය ජල සැපයුම් සහිත නිවසක් රජයෙන් ලබා දීමටත්, එම ඉඩම්වල සූර්‍ය විදුලි බලයෙන් ක්‍රියාත්මක උස්සාන වාරිමාර්ග මගින් සුහුරු කෘෂිකාර්මික වගාවන් සඳහා යොමු කිරීමටත් උපදෙස් දුන්නේය.

ව්‍යාපෘතියේ මෙතෙක් ප්‍රගතියද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර කිලෝමීටර් 3.4ක දිගින් යුත් ජලාශයේ ප්‍රධාන බැම්මේ ඉදිකිරීම් මේ වන විට 60%ක් පමණ අවසන් කර තිබෙන බවත්, දකුණු ඉවුරු සොරොව්වේ ව්‍යූහාත්මක කොටස් නිමකර ඇති බවත් සඳහන් කෙරිණි.

ව්‍යාපෘතිය යටතේ විදුලි බලාගාරයක් ද ඉදිකෙරෙන අතර ඒ සඳහා අත්තිවාරම කැපීම හා කළු ගල පිපිරවීම වැනි කාර්යයන් ආරම්භ කර තිබෙන බවද අනාවරණය විය.

මිට අමතරව අලි වැට ඉදිකිරීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, පුරාවිද්‍යා කෞතුකාගාරයක් ඉදිකිරීම ආදී කටයුතුද සිදු කෙරේ.

ඓතිහාසික තන්තිරිමලය රාජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර මෙතෙක් කිසිදු රාජ්‍ය නායකයෙක් මෙතරම් සමීපව මෙම ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු නොකළ බවත්, වත්මන් ජනාධිපතිවරයා ආරම්භයේ සිටම එහි කටයුතු සොයා බලමින් සහ අවශ්‍ය මගපෙන්වීම සිදු කරමින් ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ලබා දෙන දායකත්වය අගය කරන බවත් සඳහන් කළ උන්වහන්සේ, සියලු ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළහ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ