
මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ කොළඹ සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මෙලෙස මුහුදු රළ ඉහළ යා හැකි බවය.
ඒ අනුව මීටර් 2-3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
මේ පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් එම වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

















































