
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පවත්වන ලබන විරෝධතා සහ සැමරුම් සඳහා තම පක්ෂයට කිසිදු නිල ආරාධනාවක් ලැබී නොමැති බැවින් ඒ සඳහා තමන් සහභාගී නොවන බව ඉලංගෙයි තමිළ් අරසු කච්චි පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ, අදාළ විරෝධතා සඳහා තනි පුද්ගලයින් වශයෙන් සහභාගීවීමට කිසිදු බාධාවක් නොමැති බවය.
සෑම වසරකම බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වැනිදා සමරනු ලබයි.
මෙරට තුළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට මුහුණ දුන් අයට මේ දක්වා යුක්තිය ඉටු නොවී ඇති බවත් වත්මන් රජය ඒ සඳහා කඩිනම් ක්‍රියමාර්ග ගත යුතු බවත් එම පක්ෂය අවධාරණය කරයි.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව උතුර සහ නැගෙනහිර පළාත් දෙකෙහි විරෝධතා සංවිධාන කර ඇත.
ඒ, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව විසිනි.

















































