
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කර, පහරදී තුවාල සිදුකිරීම සහ අයුතු අවහිරය යන චෝදනාවලට වරදකරු වී වසර එකහමාරක සිරදඬුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට අද (24) ඇප හිමිවිය.
ඒ, මන්ත්‍රීවරයා විසින් දඬුවම වෙනුවෙන් සිය නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කළ අභියාචනයට යටත්ව බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම අද සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඔහු ඇපමත මුදා හැර තිබේ.
එහිදී චමින්ද විජේසිරි මහතා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කර ඇත.
එමෙන්ම මන්ත්‍රීවරයාට අධිකරණයේ අවසරය නොලබා විදේශ ගමන් යාම තහනම් කරමින්ද විනිසුරුවරයා මෙහිදී නියෝගයක් නිකුත් කර තිබේ.






















































