
පැනමා කොඩිය යටතේ ධාවනය වූ බල්ක් කැරියර් (Bulk Carrier) වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියානු නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ගිලී යාමෙන් පසු, අතුරුදන් වූ නාවිකයන් 22 දෙනෙකු සෙවීමේ මෙහෙයුම් ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සහ නාවික හමුදාව විසින් අද අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බව ඉන්දීය සාගර පරිපාලන අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාම් ජගනාතන් ප්‍රකාශ කරයි.


















































