header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
වසරේ පළමු මාස හයේ රජයේ බදු ආදායම රු. ට්‍රිලියන 2.71ක්
Jul 30, 202609:15 PM
වසරේ පළමු මාස හයේ රජයේ බදු ආදායම රු. ට්‍රිලියන 2.71ක්
Mobitel 1278

2026 වසරේ පළමු මාස 06 තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.956ක් දක්වා 27%කින් ඉහළ ගොස් ඇති බවත් එම කාලය තුළ අයවැය හිඟයක් වෙනුවට රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා වී ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවේ (2026 ජනවාරි-ජුනි ) සඳහන් වේ.

2025 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 405.6ක අයවැය හිඟයක් වාර්තා වී ඇත.

කෙසේ නමුත්, මෙවර අතිරික්තයක් වාර්තා වීම සඳහා රාජ්‍ය ආදායම 27%කින් ඉහළ යාම සහ රාජ්‍ය වියදම් විධිමත් කිරීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම වාර්තාව දැක්වේ.

මේ අතර 2026 වසරේ පළමු මාස 06 තුළ රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2,710.6ක් දක්වා, එනම් රුපියල් ට්‍රිලියන 2.71ක් දක්වා ඉහළ ගොස් ඇත.

එය පෙර වසරේ මෙම කාලයට සාපේක්ෂව 25.9%ක වර්ධනයකි.

වාර්ෂික බදු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 4.91ක් වන අතර, පළමු මාස හය තුළ ඉන් 55.2%ක් සපුරා ගැනීමට රජය සමත් වී ඇත.

බදු ආදායමෙන් වැඩිම දායකත්වය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව වන අතර, එම ආයතනය රුපියල් බිලියන 1,290ක ආදායමක් රැස්කර තිබේ. එය සමස්ත බදු ආදායමෙන් සියයට 48ක් පමණ වේ.

දෙවැනි වැඩිම දායකත්වය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබී ඇති අතර, එමඟින් රුපියල් බිලියන 1,248ක ආදායමක් උපයා තිබේ. එය සමස්ත බදු ආදායමෙන් සියයට 46ක් වේ.

සුරාබදු දෙපාර්තමේන්තුවද රුපියල් බිලියන 138ක ආදායමක් උපයා ඇති අතර, අනෙකුත් ආදායම් මාර්ගවලින් රුපියල් බිලියන 35ක් එකතු කර තිබේ.

රේගු ආදායම තුළ ප්‍රධානතම ආදායම් මූලාශ්‍රය වූයේ ආනයන මත අය කරන එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර, එමඟින් රුපියල් බිලියන 443.7ක ආදායමක් මෙම මාස 6 තුළ උපයා තිබේ.

එය 2025 වසරේ එම කාලයේ වාර්තා වූ රුපියල් බිලියන 354ට සාපේක්ෂව 25%ක වර්ධනයකි.

මෝටර් රථ මත අය කළ බද්දෙන් ලැබූ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 129.1ක සිට රුපියල් බිලියන 266.4ක් දක්වා, එනම් 106.5%කින් වර්ධනය වී තිබේ.

රේගුව විසින් අය කරන සමස්ත බදු ආදායමෙන් සියයට 63ක්ම මෝටර් රථ ආනයනය මත අය කරන බද්දෙන් ලැබී ඇති බව වාර්තාවේ සඳහන් වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස්කරන ලද ආදායම් අතරින් ආදායම් බද්ද ප්‍රධාන ස්ථානයක් ගෙන ඇති අතර, එමඟින් රුපියල් බිලියන 568.4ක ආදායමක් උපයා තිබේ. එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 16ක වැඩිවීමකි.

සමාගම් ආදායම් බද්ද සියයට 26කින් ඉහළ ගොස් ඇති අතර, පුද්ගල ආදායම් බද්ද සියයට 15කින් වර්ධනය වී තිබේ. එමෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරකම් මත අය කරන VAT ආදායම සියයට 26කින් සහ සමාජ ආරක්ෂණ දායක බද්ද සියයට 15කින් ඉහළ ගොස් ඇත.

මේ අතර, සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන් මත අය කළ සුරාබදු ආදායම සියයට 27කින් ඉහළ ගොස් රුපියල් බිලියන 137.5ක් දක්වා වර්ධනය වී තිබේ.

බදු ආදායමට අමතරව බදු නොවන ආදායමද සියයට 43.6කින් ඉහළ ගොස් රුපියල් බිලියන 243.6ක් දක්වා වර්ධනය වී ඇත.

කෙසේවෙතත් සමස්ත රාජ්‍ය වියදම 7.9%කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 2.95කට ආසන්න වී ඇති අතර, පුනරාවර්තන වියදම් 6.5%කින් සහ ප්‍රාග්ධන වියදම් 23.6%කින් ඉහළ ගොස් ඇත.

මේ අතර පොලී ගෙවීම් 2%කින් පහළ ගොස් රුපියල් බිලියන 1,234.6ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1කින් වර්ධනය වී ඇති බවද, එය 2025 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ සියයට 4.7ක වර්ධනයට වඩා ඉහළ අගයක් බවද රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ