විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
July 27, 2026 07:02 pm
විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි ආරංචි මාර්ග පවසයි.
අද (27) පැවති කැබිනට් රැස්වීමේදී මීට අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යවන සීමාව, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක බැගින් දීර්ඝ කිරීමට රජය යොජනා කර ඇති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරමින් නිදහස් නීතීඥ සංගමය රජයට දැඩි චෝදනා එල්ල කර තිබුණි.
එම නිවේදන වල සඳහන් වුයේ මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් 08 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවත් මෙම පුරප්පාඩු පිරවීම ජනාධිපතිවරයා විසින් දීර්ඝ කාලයත් පුරාවට පැහැර හැර ඇති බවත්ය.
