header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අනතුරුදායකයි - ජී.එල්. පීරිස්
Jul 13, 202610:41 PM
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අනතුරුදායකයි - ජී.එල්. පීරිස්
Mobitel 1278

මෙරට උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යයන වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු මෙන්ම නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජී.එල්. පීරිස් මහතාද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තාවක් නිකුත් කර තිබේ.

එමගින් ඔහු පෙන්වාදෙන්නේ ජීවිත අපේක්ෂාව ඉහළ යාම හා විනිසුරුවරුන්ගේ දැනුම බෙදාගැනීම වැනි එම පියවර සාධාරණීකරණය කිරීම සඳහා රජය ඉදිරිපත් කරන කරුණු පිළිගැනීමට අපහසු බවයි.

එමෙන්ම මෙවැනි සංශෝධනයක් සිදුකළ යුත්තේ අතීතයට බලපාන අයුරින් නොව අනාගතයට බලපාන ආකාරයෙන් බවද මහාචාර්යවරයා සඳහන් කර තිබේ.

මේ වසරේ මුල් භාගය තුළ ශ්‍රේ ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු විශ්‍රාම ගිය බවත් සංශෝධනය වසර මුලදී ඉදිරිපත් කළේනම් ඔවුන්ටද එමගින් ප්‍රතිලාභ හිමිවන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙන තවත් කරුණකි.

එබැවින් එය විනිසුරුවරුන් කොටසකට පමණක් ලබාදෙන මුදල් පරිත්‍යාගයක් වැනි කරුණක් බවත් ඔහු පවසා තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි පොරොන්දු ලබා දී බලයට පැමිණි ජාතික ජනබලවේග ආණ්ඩුව මැතිවරණ ක්‍රමයේ සංශෝධන වැනි ප්‍රමුඛ කාර්යයන් රැසක් තිබියදී නීතියට මැදිහත් වීමේ මෙවැනි ක්‍රියාවලියකට ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදීම පිළිබඳවද මහාචාර්යවරයා ප්‍රශ්නකර සිටියි.

ඒ අනුව රජයේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බවත් එමඟින් අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ජනතා විශ්වාසය පළුදුවන බවත් මහාචාර්යය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වාදෙනවා.

මේ අතර, විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන බව අධිකරණ සේවා සංගමයද ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

මෙරට උපරිමාධිකරණ වන අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සූදානම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

එවන් පසුබිමක මහෙස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව ඉකුත් සෙනසුරාදා රැස්වීමක් පවත්වා තිබුණේ මෙම විශ්‍රාම වයස් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම සඳහායි.

එහිදී පැවැත්වූ රහස් ඡන්දයේදී විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එකඟ නොවීමට ඒකමතිකව තීරණය වූ බව අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයා වෙත ඊයේ (12) ලිඛිතව දැනුම්දී තිබේ.

අධිකරණ සේවා සංගමයේ වැඩබලන සභාපති, මහනුවර මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක හා එහි ලේකම් නුගේගොඩ අතිරේක දිසා විනිසුරු සුරංග මුණසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතු එම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරිය, කතානායකවරයා, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය සහ අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා වෙත ද යොමුකර තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana