රුසියාවේ එල්බෘස් කන්ද තරණයට ගිය පස්දෙනෙකු ජීවිතක්ෂයට

රුසියාවේ එල්බෘස් කන්ද තරණයට ගිය පස්දෙනෙකු ජීවිතක්ෂයට

July 27, 2026   06:00 pm

රුසියාවේ පිහිටි යුරෝපයේ උසම කන්ද වන එල්බෘස් (Elbrus) කන්ද තරණය කරමින් සිටියදී කුණාටුවකට හසු වීමෙන් කඳු නගින්නන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය දෙදෙනෙකුගේ සිරුරු මුදා ගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන ඇති අතර තිදෙනෙකුගේ සිරුරු මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම එහි සිරවී සිටි තවත් කඳු නගින්නන් දෙදෙනෙකු බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ද පියවර ගෙන තිබේ.

ජෝර්ජියානු දේශ සීමාවට උතුරින් පිහිටි, මීටර් 5,642ක් (අඩි 18,511ක්) උසැති එල්බෘස් කන්ද, එහි පවතින හදිසි කාලගුණික විපර්යාස සහ අවදානම් සහගත කඳු නැගීමේ තත්ත්වයන් හේතුවෙන් බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇත.