චාමිකගේ සුපිරි ඉනිමෙන් නොතිබූ ජයක් ශ්‍රී ලංකාවට
July 9, 2026 06:50 pm
චාමික හීනටිගලගේ අතිවිශිෂ්ට පිතිකරණ දක්ෂතා හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තීරණාත්මක තරගය ජයගැනීමත් සමග, තරග 3කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමටද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකිවිය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 290ක් රැස් කළේ ශ්‍රී ලංකාවට ලකුණු 291ක ඉලක්කයක් භාර දෙමිනි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු එක පිට එක බිඳ වැටෙමින්, තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් පැවති මොහොතක, 7 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි චාමික හීනටිගල තරගයේ ඉරණම වෙනස් කළේය.
ඔහුගේ මෙම සුපිරි ඉනිම හේතුවෙන් කඩුලු 9ක් දැවී අතිශය අසීරු තත්ත්වයක් දක්වා ඇදී ගිය තරගය, අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජයග්රහණයෙන් කෙළවර කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.
එහිදී චාමික හීනටිගල නොදැවී ලකුණු 84ක් රැස්කළේය.
පන්දු 68ක් පමණක් වැය වූ ඔහුගේ මෙම ප්‍රහාරාත්මක ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.
චාමිකගේ මෙම ඉනිමට ශක්තියක් දුන් සෙනුජ වැකුණගොඩ දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 67ක් රැස් කළේය.
ඊට අමතරව කෙත්ම විතානපතිරණ වටිනා ලකුණු 31ක් ලබා ගනිමින් ජයග්‍රහණය සඳහා මාවත සකස් කළහ.
