header logo
SLIC
සයුරෙන් එතෙර
ලෝක දේශපාලනයේ වෙනස්වීම් හමුවේ ඉන්දු - ජපන් සබඳතා තර වෙයි
Jul 02, 202609:09 AM
ලෝක දේශපාලනයේ වෙනස්වීම් හමුවේ ඉන්දු - ජපන් සබඳතා තර වෙයි
EDEX

ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් තෙදින නිල සංචාරයක් සඳහා දිල්ලි නුවරට පැමිණි ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබේ.

ජපාන අග්‍රාමාත්‍යවරිය ලෙස සිය ප්‍රථම ඉන්දීය සංචාරයට එක්වූ සනායි තකයිචි පිළිගනිමින් අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කළේ, ඉන්දියා-ජපාන විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීම වෙනුවෙන් පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බවය.

"ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි, ඉන්දියාවට ඉතා උණුසුම් අයුරින් පිළිගන්නවා. අපගේ ඒකාබද්ධ උත්සාහයන් තුළින් ඉන්දු-පැසිෆික් කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඉහළ නැංවීමට අපි අඛණ්ඩව කටයුතු කරන්නෙමු," යනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි 'X' ගිණුමේ සටහනක් ද තබා තිබුණි.

ඉන්දියාවට පැමිණීමෙන් පසු අදහස් දැක්වූ ජපාන අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, ලෝක දේශපාලන තත්ත්වයේ පවතින වෙනස්වීම් හමුවේ උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කරගන්නා අතරම, ආර්ථික ආරක්ෂාව සහ බලශක්ති සුරක්ෂිතතාව වැනි දැඩි අවධානයක් යොමුව ඇති කරුණු පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි සමඟ පවත්වන සාකච්ඡාවලදී ප්‍රමුඛතාවක් දෙන බවය.

දෙරට අතර පවතින ඉහළම මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡාව වන "16 වන ඉන්දීය-ජපාන වාර්ෂික සමුළුව" මෙවර නවදිල්ලියේදී පැවැත්වෙන අතර, එහි සම-සභාපතිත්වය අග්‍රාමාත්‍ය මෝදි සහ අග්‍රාමාත්‍ය තකයිචි විසින් දරනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight